මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කලපයේ මැදදුම්බර අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටී මහ / මැදමහනුවර මධ්‍යමහා විද්‍යාලය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්කමකින් යුතුව නෙත් සිත් පැහැර ගන්නා සොදුරු බිම්කඩක පිහිටි පින්බර තක්සලාවකි.
දොන් ජෝන් නමින් බවුතිස්ම ලද පෘතුගීසීන් ලක්දිවට බට සමයේ කෝට්ටේ රජකම් කලේ නව වනි පරාක්‍රමබාහු රජතුමාය එකල ශ්‍රී දළදා වහන්සේ කෝට්ටේ මාළිගාවේ වැඩ සිතියහ. පෘතුග්‍රීසීන් ලක්දිවට පැමිනීමට ප්‍රතම දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමුව විහාරයේ දෙවනගල රත්නාලංකාර නාහිමියන්ගේ භාරයේ තිබුණි. පසුව උන්වහන්සේ ශ්‍රී දළදා වහන්සේ මැදමහනුවර රජකල කොනප්පු බණ්ඩාරයන් වෙත භාර කරන ලදී. දළදා වහන්සේ ලබීම සිංහාසනයේ ස්ථීරත්වය ලෙස සැලකූ දොන් ජෝන් රජු පළමුවන විමලධර්ම ලෙසින් අභිෂේක ලැබීය. පසුව කරල්ලියද්ද රජ්ජුරුවන්ගේ දූ කුමරිය වූ දෝන් කතිරිනා නමින් බවුතිස්ම ලද කුසුමාසන දේවිය සරණ පාවාගත්හ.ඌරුගල නමින් ප්‍රකටව තිබූ මෙම භූමිය මැදමහනුවර යන නම තබන ලද්දේ පිලැස්සේ අත්තදස්සී මහා හිමිපාණෝ විසිණි.
මෙවන් ඓතිහසික පසුබීම්ක් හෙබි රජ පා පහස ලත් සොදුරු භූමියක මෙම පාසල 1946 දී ඌරුගල ජ්‍යෂ්ඨ පාඨශාලව ලෙස ආරම්භ වී ඇති අතර, ගලේකැලේ වතුයාය අයත්ව සිටි

ජොන්ස්ටන් නැමති ඉංග්‍රීසි ජතිකයා විසින් මෙම භූමිය පාසලට පරිත්‍යාග කර ඇත.1962 දී මෙය මහ විද්‍යාලයක් ලෙසත්, 1980 දී සිට මද්‍ය මහා විද්‍යාලයක් ලෙසත් අනතුරුව ද්විතික පාසලක් බවටත් පත්ව ඇත. එච්.බි. පෙතියාගොඩ මහතා ආරම්භක විඩුහල් පති ලෙස කටයුතු කර අති ආතර පාසල ආරම්භ කර අති අතර පාසල ආරම්භ කළ ඇති බවට පළමු ලොග් සටහන තබා අත්තේ 1946.09.27 දින එවකට අධ්‍යාපන අමතිව සිට C.W.W කන්නන්ගර මැති තුම විසිනි.
|
ආරම්භ කළ වර්ෂය |
1946.09.27 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
පාසලේ ආදි කතෘගේ නම |
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා |
|
පාසලේ නම |
මහ/මැදමහනුවර මධ්‍යමහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එච්.බි. පෙතියාගොඩ මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1946 සැප්තැම්බර් 27 |
|
භූමි ප්‍රමාණය |
අක්කර 04, රූඩ් 03, පර්චස් 82.2 |





