පසලේ විනය නීති මාලාව
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7:30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආගමික වතාවත් හා නිවේදන අවසන් වන තුරු ගේට්ටුවෙන් පිටත රැදී සිටිය යුතුය.
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම සීනුවට සීනුවට අවනත විය යුතුය.ආගමික වතාවත් ඉටු කිරීම හා ජාතික ගීය,පාසල් ගීය ගායනය හෝ වාදනය කරන අවස්ථාවේදී පාසල තුළ ඇවිදීම තහනම් වේ.
- පාසලේ උදය රැස්වීම,ආගමික වතාවත් ශිෂ්‍ය සමිති යන සෑම අවස්තාවකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය යුතු අතර අවසානයේ සිදු කෙරෙන ආගමික වතාවත් නිමකර පේළියට බැහරව යා යුතුය.
- නිවේදන විකාශය වන විට සියලුම වැඩ නතර කොට ඊට අවදානය යොමු කල යුතුයි.
- ප්‍රධාන ගේට්ටුවෙන් හැර මාර්ග වලින් පාසලට පැමිනීම හෝ පිට වීම සම්පූර්නයෙන් තහනම් වේ.
- පාසල ආරම්භයට විනාඩි 15 කට පෙර පන්ති කාමරවල හා අදාල පසල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කල යුතුය
- සෑම විටම තමාගෙන්,ආචාර්ය මන්ඩලයේත්,පාසලේත් කීර්තිනාමය අරක්ෂා වන පරිදි කටයුතු කල යුතුය.
- දිනපතා පාසලට පැමිනිම අනිවාර්ය වන අතර නොවැලැක්විය හැකි හේතුවක් නිසා පාසලට නොපැමිනියේ නම් පිලිගත හැකි හේතූ ඇතුලත් ලිපියක් දෙමාපිය හෝ භාරකරු විසින් ඉදිරිපත් කළ යුතුය.
- පාසලේ නිල ඇදුමට මාල, වළලු, මුදු, එල්ලෙන කරාඹු, සෙරෙප්පු, ඔරලෝසු වැනි දෑ පැළදීම නොකල යුතුය. ඇහි බැම සකස් කීරිම, තොල් ආලේපන, නිය ආලේපන භාවිතය තහනම් වන අතර පිරිමි ළමුන් රැවුල මනාව කැපිය යුතුය. කොන්ඩය කොටට කපා පැත්තට පිරීය යුතුය.
- අනවශ්‍ය පොත් පත්, සගරා, ඡයාරූප, කැසට් පට, සංයුක්ත තැටි, ජංගම දුරකතන, කැමරා, සිම් කාඩ්, ස්මර්ට් වොච්, පෙන්ධාවක, ඩීවීඩී,මයික්රොචොප් ආදිය පාසලට රැගෙන ආ යුත්තේ විනය මන්ඩලයේ අවසරය මත පමණි.
- පාසල තුලට පොලිතීන් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- පන්ති කාමරයෙන් බැහැරව යන විට බැහැරවීමේ අවසරපත රැගෙන යා යුතුය. සිසුන් තුන් දෙනෙකු හෝ ඊට වඩි පිරිසක් පාසල් භූමියෙන්ගමන් කරද්දී පේලියට ගමන් කල යුතුය.
- ආපන ශාලවට පැමිනිය යුත්තේ උදේ 7.30 ට පෙර හෝ විවේක කාලය තුල පමනි.
- පාසලේ පරිසරය අලන්කාර වන පරිදි කටයුතු කළ යුතු අතර පන්ති කාමර උපකරණ ඇතුලු පාසලට අයත් සියලුම භෞතික සම්පත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.
- පාසල් භාණ්ඩ එහා මෙහා ගෙන යමේදී ඒව ඇදගෙන යාම නොකල යුතු අතර ඒවා බිත්තිවල ලිවිම , කුරුටු ගෑම නොකල යුතුය.
- පාසල් කාලය තුල පසලට පැමිනෙන කවර හෝ අමුත්තෙකු සමග අවසර නොමැතිව කතා බහ කීරීම තහනම් වේ.
- විවේක කාලයෙන් පසුව සීනුව නාද කළ විට හැකි ඉක්මනින් පන්ති වලට යා යුතුය භාවනවේ යෙදිය යුතුය. භාවනවෙන් පසු පන්තියෙන් පිටතට පැමිනීම තහනම් වේ.
- පාසල් වේලවෙන් පසු බස් නැවතුම්වල නිකරුනේ ගැවසිම තහනම් වේ.මහා මාර්ගයෙත්, පොදු වාහනවලත් ගමන් කරන විට පාසලේ ගරුත්වයට හානි වන අමන්දමින් හැසිරීම තහනම් වේ.





